ඇමරිකාවේ සිට බ්‍රිස්බේන් දක්වා නව දිගු දුර ගුවන් සේවාවක්

ඇමරිකන් එයාලයින්ස් සමාගම ඇමරිකාවේ ඩලස් නගරයේ සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් දක්වා නොනවතින දිගු දුර ගුවන් සේවාවක් ආරම්භ කිරීමට සුදානම්ව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකන් එයාලයින්ස් සමාගම සඳහන් එම සේවා ලබන ඔක්තෝබර් 24 වනදා සිට ආරම්භ කිරීමට සුදානම් බවයි.

ඒ අනුව ඇමරිකාවේ ඩලස්-ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි ප්‍රධාන මධ්‍යස්ථානය අතර ඒම සේවා ආරම්භ වනු ඇති.

මීට අමතරව බ්‍රසීලය හවායි සහ මෙක්සිකෝව වෙතද ඇමරිකාවේ සිට දිගු දුර ගුවන් ගමන් සේවා ආරම්භ කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඩලස් සිට බ්‍රිස්බේන් දක්වා ගුවන් ගමන සඳහා කිලෝමීටර 13285ක දුරක් පවතින අතර අමතර නැවතුම් ස්ථානයකින් තොරව අදාළ ගුවන් තොටුපල වෙත පැමිණීම මෙහි විශේෂත්වයක්.

කෙසේ වෙතත් ඇමරිකන් එයාලයින්ස් සමාගම නිවේදනය කළේ ඉදිරියේ දී ක්වන්ටාස් ගුවන් සේවය හා සම්බන්ධ වෙමින් පැසිෆික් කලාපය තුළ දිගුදුර ගුවන් සේවා පුලුල් කරන බවයි.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »