SL ඔන්ලයින් පනත සංශෝධනයට මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක්

සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත මානව හිමිකම් සඳහා සෘණාත්මක බලපෑමක් එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා.

එම කවුන්සිලය පෙන්වා දෙන්නේ, සිවිල් සමාජයට සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමේ දී මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීම සඳහා එම නීතිය සංශෝධනය කිරීම සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

එම පනත සම්මත කිරීමෙන් පුද්ගලයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියින් උල්ලංඝණය වන බවයි පණිවුඩයක් නිකුත් කරමින් එම කාර්යාලය පෙන්වා දෙන්නේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට පත පසුගිය පෙබරවාරි පළමුවනදා කතානායක වරයාගේ ප්‍රධානත්වයෙන් සම්මතවුණා.

ඒ අනුවල මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මකයි.

කෙසේ වෙතත් මෙම පනත සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ජාත්‍යන්තර සංවිධානයන් ගේ ද විරෝධය පලවී තිබුණා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »