
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය රෝහලක් නිරීක්ෂණය කිරීම සදහා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පැමිණෙන බවට ලද පණිවුඩයත් සමග අදාළ ව්‍යාජ රෝගීන්ගෙන් පිරි ඇතැයි වාර්තා වනවා.
එහිදි අනාවරණය වී ඇත්තේ අදාළ රෝහල් කාර් ය මණ්ඩලය සහ සේවකයින් එක්ව රෝහලේ සෞඛ්‍ය සායනයේ රෝගීන් ලෙස පෙනී සිටීමට සිය පවුලේ ඥාතීන් කැදවා ඇති බවයි.
ඩොලර් 221,500 ක ආයෝජනයකින් රෝහලට ලබාදුන් හෘද නිරීක්ෂණ උපකරණ පරීක්ෂා කිරීම සඳහායි සෞඛ්‍ය ඇමතිනී මේරි-ඇන් තෝමස් එදින සායනයට පැමිණ ඇත්තේ.

කෙසේ වෙතත් මෙලෙස ව්‍යාජ රෝගින් මගින් සායනය පිරවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
විශ්වාසනීය සේවාවක නියැළිය යුතු වෘත්තිකයින් මෙලෙස හැසිරීම ගැන විනය පරීක්ෂණයක්ද සිදු කරන බවයි අමාත්‍යවරිය සදහන් කර ඇත්තේ.
