ඔබත් විදේශයක සිට ශ්‍රී ලංකාවට යාමට සැලසුම් කරයිද​​? එසේනම් මේ පිළිබඳ සැලකිලිමත් වන්න​.

ඔබත් විදේශයක සිට ශ්‍රී ලංකාවට යාමට සැලසුම් කරයිද​​? එසේනම් මේ පිළිබඳ සැලකිලිමත් වන්න​.

කොවිඩ් වෛරස් වසංගතය අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් සඳහා අතිරේක ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා පැමිණෙන සියලුම මගීන්, ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර හිමියන් සහ විදේශ ගමන් බලපත්‍ර දරන්නන් ඇතුළු සියලු දෙනාට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව එම අධිකාරිය දැනුම් දේ.

එවැනි අනුමත කිරීම් සෘජුවම සිය කාර්යාලයට යවන බවත්, පසුව එවැනි අනුමත මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ලෙස අදාළ ගුවන් සමාගමට යොමු කරන බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා.

2021 ජනවාරි 6 වන දින සිට බලපැවැත්වෙන පරිදි මගී අනුමැතිය සඳහා වෙන්වූ විද්‍යුත් තැපැල් ලිපිනයක් ලෙස [email protected] පිහිටුවා ඇති බවත්, සියලු අනුමත කිරීම් මෙම විද්‍යුත් තැපැල් ලිපිනය හරහා හසුරුවන බවත් අධිකාරිය පවසයි.

මගී අනුමැතිය වීසා බලපත්‍ර නොවන බවත් එය ක්‍රියාත්මක කර ඇත්තේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පමණක් බවත් CAASL තවදුරටත් පැහැදිලි කළා.

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »

සුපිරි වෙළඳසැල් සේවකයන් පාරිභෝගිකයන්ගෙන් ආරක්ෂා කර ගන්න අලුත් වැඩක්

නවසීලන්තයේ Woolworths සුපිරි වෙළදසැල්හි කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් සිදුවන හිංසන ඇතුලු ක්‍රියාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳුමේ කැමරා පැළඳීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඉලොන් මස්ක්ගේ සාමාන්‍ය දැනීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමේ දර්ශන ඇතුලත් වීඩියෝ ඉවත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනීස් ඉලොන් මස්ක්ට චෝදනා එල්ල කර තිබෙනවා.

Read More »

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »