විපක්ෂ නායක පීටර් ඩට්න්ගෙන් ඩොලර් මිලියන 900 ක දුම්රිය පොරොන්දුවක්

විපක්ෂ නායක පීටර් ඩූටන් ඩන්ක්ලි හී පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයට පෙර ඩොලර් මිලියන 900 ක දුම්රිය පොරොන්දුවක් ලබා දී තිබෙනවා.

මෙම මැතිවරණ පොරොන්දුවට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂය සඳහන් කළේ අදාළ දුම්රිය පොරොන්දු කිසිසේත් යතාර්තයක් බවට පත් කළ නොහැකි බවයි.

ෆ්‍රැන්ක්ස්ටන්ට හී ඩීසල් දුම්රිය සේවාව වෙනුවට විද්‍යුත් දුම් රිය සේවාවක් ඇති කිරීමේ අරමුණින් ඩොලර් මිලියන 900 ක පොරොන්දුවක් දෙන බවට ප්‍රාදේශීය සංචාර අතරතුර් සදහන් කර තිබුණා.

ෆ්‍රැන්ක්ස්ටන්ට පදිංචිකරුවන්ගේ  ගමනාගමන පහසුව වෙනුවෙන් තවත් පියවර රැසක් ගන්නා බවද විපක්ෂ නායකවරයා එහිදි සඳහන් කළා.

මෙම ව්‍යාපෘතිය මෑත කාලීන යටිතල පහසුකම් සමාලෝචනයකදී ප්‍රතික්ෂේප කර තිබූ අතර අදාළ නවීකරණයේ පිරිවැය සාධනීය කළ නොහැකි බවයි අග්‍රාමාත්‍ය ඇනතනී ඇල්බනීස් ප්‍රමුඛ රජය සඳහන් කර ඇත්තේ

මාර්තු 2 වැනිදා ඩන්ක්ලි අතුරු මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »