Search

සෑම තත්පර 45කට වරක්ම ඔස්ට්‍රේලියාවට නව සංක්‍රමණිකයෙක්

සෑම තත්පර 45කට වරක් ඔස්ටේ්‍රලියාවට නව සංක්‍රමණිකයෙකු පැමිණෙන බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 27ක සීමාව ඉක්මවා ඇති අතර 2032 වන විට ජනගහනය මිලියන 29.2 ත් 30.8 ත් අතර වනු ඇතැයි පුරෝකථනය තර තිබෙනවා.

පසුගිය වසරේදී රටේ ජනගහන වර්ධනය සියයට 2.4ක් වන අතර සෑම විනාඩි 1යි තත්පර 42 කට වරක් ඔස්ට්‍රේලියාවේ නව උපතක් සිදුවීම ද විශේෂත්වයක්.

සෑම මිනිත්තු දෙකකුත් තත්පර 43 කට වරක් එක් ඔස්ට්‍රේලියානු පදිංචිකරුවෙකු විදේශගත වීමට පිටත් වන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වැඩිදුරටත් පවසනවා.

සෑම විනාඩි දෙකයි තත්පර 52කට වරක්ම ඔස්ට්‍රේලියාවේ පුද්ගලයකු මියයනු ඇති.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු ජනගහනය මෙලෙස තවදුරටත් ඉහළ යෑම මගින් නිවාස අර්බුධය ද තවදුරටත් උග්‍ර වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් අවදාරනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජනගහනය පසුගිය වසරේ පමණක් 624100 කින් ඉහලගොස් තිබෙනවා

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »

දකුණු ආසියාතික රටකට හිමිවන විශේෂ Visa කාණ්ඩයක් අද සිට Open

Mobility Arrangement for Talented Early-professionals Scheme (MATES) නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුම ඉහළ නංවා තිබෙනවා.

Read More »