ඔස්ට්‍රේලියාව තුල ජලය මගින් බෝවන මාරාන්තික බැක්ටිරියා අවදානමක්

ජලය මගින් පැතිර යන මාරාන්තික බැක්ටීරියා ප්‍රභේදයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
මාරාන්තික බැක්ටීරියාව ආසාදනය වූ තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු ද හමුව ඇති බවයි වාර්තා වන්නේ.

melioidosis මෙලියොයිඩෝසිස් ලෙස හඳුන්වන මාරාන්තික බැක්ටීරියාව සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අශ අනතුරු ඇගවීමක් ද කර තිබුණා.

නිසි ප්‍රතිකාර සදහා යොමු නොවුනගොත් දරුණු නියුමෝනියාව තත්වයකට පත්වීම හෝ රුධිර විෂ වීමට හේතු විය හැකි බව සදහන්.

ජලයෙහි ගැඹුරින් ඇති බැක්ටීරියා නිසා ඇතිවන රෝගයකි, එය අධික වර්ෂාවකදී මතුපිටට පැමිණිය හැකියි.

ක්වීන්ස්ලන්ත බලධාරීන් ද ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ජනතාවට මෙලියොයිඩෝසිස් ආසාදන අවදානම හේතුවෙන් ජලයට ඇතුළු නොවන ලෙස අනතුරු ඇඟවීය

ක්වින්ස්ලන් ප්‍රාන්තයට බලපෑ අධික වර්ෂාවත් සමග තවදුරටත් රෝග ව්‍යාප්තියක් සිදුවිය හැකි බව සදහන්.

2022 ඔක්තෝබර් සිට 2023 අප්‍රේල් කාලය තුල රෝගීන් 87 දෙනෙකු හමුවූ අතර 6ක් මියගොස් තිබෙනවා

 

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »