Search

සමාජ මාධ්‍ය ජාල හේතුවෙන් මෙටා ප්‍රධානී සමාව ඉල්ලයි

මෙටා සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් තම සමාජ මාධ්‍ය ජාලවලින් අගතියට පත් පාර්ශව වලින් සමාව අයැද තිබෙනවා.

ඒ මාර්ක් සකර්බර්ග් ඇතුලු ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ජාල රැසක ප්‍රධානීන් ඇමෙරිකා සෙනෙට් මණ්ඩලය ඉදිරියට කැඳවා තිබු අවස්ථාවේදීයි.

ෆේස්බුක්,ටික්ටොක් , ස්නැප් , එක්ස් ඇතුලු සමාජ මාධ්‍ය පරිහරණය කළ කුඩා දරුවන් සියදිවි හානි කර ගැනීම් ඇතුලු සිද්ධීන්වලට එම මාධ්‍ය වගකිව යුතු බවට වු චෝදනා විමර්ෂණය සඳහායි.

මෙහිදි මෙටා ප්‍රධානි මාර්ක් සකර්බර්ග් හා ටික්ටොක් ප්‍රධාන විධායක නිලධාරී ෂු සී චූව් විමර්ෂණ සඳහා වාචික ප්‍රකාශ ලබාදීමට ඉදිරිපත් වුව ද අනෙකුත් සමාජ මාධ්‍ය ප්‍රධානීන් එලෙස ඉදිරිපත්ව සිටියේ නැහැ.

කෙසේ වෙතත් මෙම සමාජ මාධ්‍ය පරිහරණයෙන් පීඩාවට පත් දරුවන්ගේ පවුල් වල සාමාජිකයන් ද මෙම අස්ථාවට එක්ව සිටියා.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »