ඩොලර් මිලියන 200ක ජැක්පොට් දිණුම දෙදෙනෙකුට බෙදෙයි

ඩොලර් මිලියන 200ක ජැක්පොට් පවර් බෝල් දිණුම් ඇදීම, ජයග්‍රාහී ප්‍රවේශපත්‍ර දෙකක් යටතේ බෙදි ගොස් තිබෙනවා.

ඉන් එක් ප්‍රවේශ පත්‍රයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිව්කාසල් හි යුවලකට අයත් වූ අතර දෙවැන්න ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අනන්‍යතාව තහවුරු නොවු පුද්ගලයෙකුට අයත් බව සදහන්.

ජයග්‍රහණය සම්බන්ධයෙන් The Lott හි නිලධාරීන් විසින් එම යුවල දැනුවත් කර ඇති අතර මෙවැනි මුදලක් කිසිවිටෙකත් අපේක්ෂා නොකල බවයි ඔවුන් සදහන් කර ඇත්තේ.

මෙහිදි එම කාන්තාව සදහන් කර ඇත්තේ මෙම මුදල් තම දරුවන්ගේ වැඩකටයුතු වලට වඩාත් ප්‍රයෝජනවත් වන බවයි.

කෙසේ වෙත්ත ක්වීන්ස්ලන්ඩ් ජයග්‍රාහකයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරනය වී නැහැ.

පෙබරවාරි 1 දින ජැක්පොට් පවර් බෝල් දිනුම් ඇදීමේ ජයග්‍රාහී අංක 12, 33, 23, 35, 1, 26 සහ 32 වූ අතර පවර්බෝල් අංකය , අංක 10යි

මෙම දිනුම් ඇදීමේ දෙවන කොටසේ ජයග්‍රාහකයින් 22ක් වාර්තා වී ඇති අතර ඒ සෑම දිනුම් ඇදීමක්ම ඩොලර් 177,000කට වඩා වැඩි වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු ලොතරැයි ඉතිහාසයේ අවසන් ඉහළම ජැක්පොට් දිණුම් ඇදීම 2022 දී ඩොලර් මිලියන 160 ක් වූ අතර එය පුද්ගලයන් තිදෙනෙකු අතර බෙදිගියා.

 

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »