ව්‍යායාම් කරන වැඩිහිටි කාන්තාවන්ට වාසි රැසක්

සතියකට පැය දෙකහමාරක් පමණ ව්‍යායාම් වල නිරතවීමෙන්, වැඩිහිටි කාන්තාවන් අනපේක්ෂිත වැටීම් වලට ලක්වීමේ අවදානම පාලනය කර ගත හැකි බව නව පර්යේෂණයකින් හෙළි ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාල කණ්ඩායමක් විසින් වයස අවුරුදු 65 ට වැඩි කාන්තාවන් 7000 කට වැඩි පිරිසක් අධ්‍යයනය සඳහා යොදාගනිමින් මෙම අධ්‍යයනය සිදු කර තිබුණා.

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින් තුවාල ලබා රෝහල් ගත කල අවස්ථාවලින් හතරෙන් තුනකට වැඩි අගයක් වාර්තා වන්නේ මෙලෙස වැටීමෙන් බවයි වාර්තා වන්නේ.

වැටීම් හා වැටීම් ආශ්‍රිත රෝගාබාධ පාලනය සදහා වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ව්‍යායාම්වල නිරතවීම වඩා සුදුසු වනු ඇති.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ වැඩිහිටියන් සතියකට අවම වශයෙන් මිනිත්තු 150 සිට 300 දක්වා මධ්‍යස්ථ වේගයෙන් ව්‍යායාම්වල නිරත විය යුතු බවයි

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »