ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළලේ අභිමානවත් ක්‍රිකට් තරු

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙල මෙල්බන්හිදී පැවැත් වුණා.

එහිදී ඉකුත් 2023 වසරේ බිග්බෑෂ් කාන්තා ලීගයේ ක්‍රීඩිකාව ලෙසින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සම්මානයට ප්‍රාප්ත වුණා.

ඒ අනුව විදෙස් ක්‍රිකට් ලීගයකදී මෙවැනි ඇගයීමකට ලක්වූ පළමු ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාව ලෙසින් ඇය ඉතිහාසගත විය.

බිග්බෑෂ් ලීගයේ සිඩ්නි තන්ඩර්ස් වෙනුවෙන් ක්‍රීඩාකළ චමරි තුන්ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූවා.

එහිදී තරගාවලියේ දෙවැනි ඉහළම ලකුණු රැස්කළ ක්‍රීඩිකාව බවට පවත් වූ ඇය, අර්ධ ශතක 05ක් සමගින් ලකුණු 511ක් රැස්කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී කඩුලු 09ක් දවාලීමට ඇය සමත් වූයේ සිඩ්නි සික්සර්ස්ට එරෙහිව ලකුණු 20කට කඩුලු 03ක් දවාලමින්.

මේ අතර මෙම සම්මාන උළෙලේදී 2023 වසරේ වටිනාම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් මිචෙල් මාෂ් ඇගයීමට ලක් වුණා.

ඒ අනුව තුන්ඉරියව්වෙන්ම දක්ෂතා දැක් වූ ඔහුට ඇලන් බෝඩර් පදක්කම හිමිවුණා.

වසරේ වටිනාම ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව ලෙසින් ඈෂ්ලි ගාඩ්නර් මෙහිදී සම්මාන දිනාගත් අතර, ඇයට බෙලින්ඩා ක්ලාක් සම්මානය හිමිවිය.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »