භික්ෂුන් වහන්සේ නමක් දළදා මාළිගාවට පැමිණි යුක්රේන සංචාරකයින්ට විරෝධය පල කරයි. – AusLanka TV – Australian News for the Sri Lankan community

භික්ෂුන් වහන්සේ නමක් දළදා මාළිගාවට පැමිණි යුක්රේන සංචාරකයින්ට විරෝධය පල කරයි.

භික්ෂුන් වහන්සේ නමක් දළදා මාළිගාවට පැමිණි යුක්රේන සංචාරකයින්ට විරෝධය පල කරයි.

භික්ෂුන් වහන්සේ නමක් දළදා මාළිගාවට පැමිණි යුක්රේන සංචාරකයින්ට විරෝධය පල කරයි.

දළදා මාළිගාවට නොපැමිණෙන බව කියමින් මල්වතු අස්ගිරි මහා සංඝරත්නය මුලාකොට  යුක්රේන සංචාරකයින් 195 දෙනකු  දළදා මාළිගය වෙත පැමිණිම සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධතාවය දක්වන බව පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියෝ පවසනවා.

කොවිඞ් 19 වසංගතය පැතිරීම හේතුවෙන්  සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල දේශීය බැතිමතුන්ට දළදා සමිදුන් වැද පුදා ගැනීම තහනම් කර තිබෙන මෙවන් සමයක යුක්රේනයේ පිරිස්  ඊයේ 11දා  දළදා සමිදුන් දැක බලා ගැනීමට පැමිණීමට විරෝධය දක්වමින් උන්වහන්සේ මෙසේ තම අදහස් පලකලා.

යුක්රේන සංචාරක කණ්ඩායම සංචාරක බස් රථ පහකට ආසන්න සංඛ්‍යාවකින් මහනුවර නගරයට පැමිණි අතර , ඔවුහු ප්‍රධාන වාහල්කඩ අසලින් මාළිගාවට ප්‍රවිශ්ඨ වූහ.

මෙම අවස්ථාවේ සාමාන්‍ය ජනතාවද දළදා සමිදුන් වැද පුදා ගැනීමට පැමිණ සිටියහ. සංචාරකයින් දළදා මාළිගය වෙත ගොස් ආපසු එමින් සිටියදි , එම ස්ථානයට පැමිණි ලේවැල්ලේ ධම්මාලංකාර හිමියෝ ඊට දැඩි විරෝධය පල කරමින් අදහස් දැක්වූවා.

(Newswire)

COMMENTS