සිඩ්නි නගරයේ නාසි අන්තවාදී සිද්ධි පෙළක්

ඔස්ට්‍රේලියාව තුළ නව නාසිවාදීන් බිහි වීමේ ප්‍රවනතාවයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

ඔස්ට්‍රේලියානු දිනයට පසු දින තුනක් පුරා විවිධ ප්‍රදේශ වලින් මීට අදාළ සිදුවීම් රැසක් වාර්තා වි ඇති බව සඳහන්.

සිඩ්නි හී උතුරු ප්‍රදේශයන් හී කලු පැහැති ලෝගු සහ මුව ආවරන ඇදගත් 60 දෙනෙකුගෙන් යුතු කන්ඩායමක් විරෝදතාවක් නියැළි තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඔවුන් මුහුණු ආවරණය කරගෙන, පලිහ සහ කොඩියක් අතැතිව හිටී පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

තවත් 55 දෙනෙකුට දඩ නියම කිරීමට පියවර ගෙන තිබුණා.

සිඩ්නි හි උතුරු වෙරළේ පැවති තවත් විරෝධතාවයකට ආරක්ෂක අංශ මැදිහත් වී ඇති අතර අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසී මෙම කණ්ඩායම් තරයේ හෙලා දැක තිබෙනවා.

ස්වස්තිකය ඇතුලු සෙසු නාසි සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනයට වරදකරුවෙකු වන තැනැත්තෙකුට ඩොලර් 100000 ක දඩයක් හෝ මාස 12 ක සිර දඩුවමක් නියම වනු ඇති.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »