කොවිඩ් සමයේදී හඳුන්වාදුන් 408 Covid වීසා කාණ්ඩය අහෝසි වෙයි

කොවිඩ් වසංගත සමයේදී හඳුන්වාදෙනු ලැබූ Pandemic Event Visa හෙවත් 408 වීසා කාණ්ඩය අහෝසි කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 01 වනදා සිට බලාත්මක වන පරිදි 408 වීසා කාණ්ඩය නව අයදුම්කරුවන් සඳහා සම්පූර්ණයෙන්ම අහෝසි වනු ඇති.

දැනට 408 වීසා බලපත්‍රයක් ඇති ඕනෑම අයෙකුට  ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූලව සිටීමට අවස්ථාව තිබෙන නමුත් නැවතත් ඒ වීසා කාණ්ඩය සඳහා අයදුම් කිරීමේ හැකියාවක් නැහැ.

කොවිඩ් වසංගත සමයේදී ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට නොහැකි වූ ජාත්‍යන්තර සිසුන්ට සහාය වීම සඳහා මෙම වීසා කාණ්ඩය හදුන්වා දෙනු ලැබුවා.

එමෙන්ම 2020 වසරේදී කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාව වන විට ඔස්ට්‍රේලියාවේ පැවති ශ්‍රම හිඟය පිරවීම සඳහා මෙම විශේෂ වීසා බලපත්‍රය එවකට බලයේ සිටි ලිබරල් සන්ධාන රජය විසිනුයි හඳුන්වා දෙනු ලැබුවේ.

තවදුරටත් Pandemic Event Visa යටතේ ඔස්ට්‍රේලියාවේ රැදී සිටින්නේ නම් හැකි ඉක්මනින් ආගමන විගමන දෙපාර්තමේන්තුව හා සම්බ්න්ධවී රටින් පිටුවීමට හෝ ඉදිරි කටයුතු කඩිනම් කරගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »