ImmiAccount හිමියන්ට ෆෙඩරල් රජයෙන් දැනුම් දීමක්

ඔස්ට්‍රේලියාවේ ස්වදේශී කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන Immiaccount පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි 31 වනදා immiaccount හිමියන් සිය ගිණුමට අදාළ email ලිපිනය යලිත් validate කිරිම අනිවාර්ය වනවා.

ස්වදේශී කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ
දත්ත පද්ධතියේ ආරක්ෂාව තර කිරීමට මෙම පියවර ගත් බවයි.

validate නොකළ විද්‍යුත් තැපැල් ලිපිනයක් ඇති දැනට සිටින පරිශීලකයින් මීළඟ loging වාරයේදී විද්‍යුත් තැපැල් ලිපිනය validate කිරීම අනිවාර් ය වනවා.

Immiaccount සාදාගැනීම අපේක්ෂිත නව පරිශීලකයින් තම නිවැරදි ඊමේල් ලිපිනය validate කළ යුතු වන අතර සියලුම ක්‍රියාකාරී පරිශීලකයින්ගේ
අනන්‍යතාව ආරක්ෂා කිරීම සිදුවනු ඇති.

මේ පිළිබද වැඩිදුර තොරතුරු සදහා ඔස්ට්‍රේලියානු ස්වදේශීය කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »

කවුරුත් නොදන්න වෛරස් ආසාදනයක් ගැන දැනුවත් කිරීමක්

වේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන ශිංගල්ස් (Shingles) පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ දැනුවත්භාවය අවම බව නවතම සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා.

Read More »