ඔස්ට්‍රේලියාවේ රත්රන් තියෙන ගම්මානය

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයේ සිට කිලෝමීටර් එකසිය තිහක් පමණ මග ගෙවුවිට බලරැට් (BALLARAT) ගම්මානය හමුවෙනවා.

මේ ගමේ රත්රන් පිහිටි ප්‍රදේශය හඳුන්වන්නේ සවරින් හිල් (SOVEREING HILL) වශයෙන්.
ඊටත් ඉතිහාස කතාවක් තියෙනවා.ඒ මහා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය පාලක ප්‍රධාන රජවරුන්ගේ රාජ්‍යත්වය සංකේතවත් කරන්නේ ඔටුන්නකින්.

එය තනිකරම නිර්මාණය වන්නේ රත්තරනින්.ඔස්ට්‍රේලියාව මහා බ්‍රිතාන්‍යයට අයත් වූවාට පසුව මේ රත්රන් හමු වූ ප්‍රදේශය ඒ අර්ථයෙන්ම (SOVEREIGN HILL) ලෙස නම් කෙරුණ බව කියවනවා.

එවක චීන ජාතිකයන්ගේ රජ දහනක් බවට මේ ප්‍රදේශය පත්ව තිබුණා.

මුළු රටම සිය ආධිපත්‍යයට යටත් කරගත් පසුව අධිරාජ්‍යවාදී මහා බ්‍රිතාන්‍යය මේ රත්රන් සම්පත ගැන අවධානය යොමු කලා
මේ ප්‍රදේශය සම්බන්ධ පුළුල් ප්‍රචාරයක් මහා බ්‍රිතාන්‍යයේ සිදුකෙරුනා.

ඒ සමඟම රත්රන් කර්මාන්තයට අදාළ විශාල පිරිස් ඕස්ට්‍රේලියාවට ළඟා වූහ.

මෙල්බර්න් නගරය මුහුදාශ්‍රිත වීමත්, සුවිශාල යාරා ගංගාව (YARRA RIVER)  මේ නගරය මධ්‍යයෙන් ගලා යාමත්, නිසා යාත්‍රා ගමනාගමනයට පහසු වී තිබෙනවා.

පැමිණි බොහෝ අය මෙල්බර්න් නගරයේ පදිංචි වී ඇති බව සදහන්.

රත්රන් ව්‍යාපාරික කටයුතු සඳහා අශ්ව කරත්තවලින් බලරැට් බලා ගමන් කළ බව කියවෙනවා.
මෙල්බන් නගරය අධික ජනගහනයෙන් යුක්ත වීමට මෙය ද හේතුභූත වූ බව පැවසෙනවා.

එදා ඒ චීන ජාතිකයන් ප්‍රථමයෙන්ම දිලිසෙන රත්රන්  කැබලි දුටු ඇළ මාර්ගය අදත් එපරිද්දෙන්ම රත්රන් ඇති බව සදහන්.

එතරම් රත්රන් කැබලි ඒ දිය කඩිත්තේ අද නැතත් මේ බිමට පැමිණෙන හැම කෙනෙක්ම ඒ පැරණි සිරිත අනුගමනය කරමින් රත්රන් ගැරීමේ ක්‍රියාවලියේ නිරතව විනෝද වෙනවා.

ඒ සඳහා සංවිධායකයෝ තාච්චි, ෂවල් ආදිය මෙතැන තබා තිබෙනවා.

විනෝදයට අදත් තාච්චියක් ගෙන ගලා යන සීතල ඇළ මාර්ගයෙන් ගල්කැට සහිත පස් පුරවාගෙන ජලයට යොමුකර, ගැරීමේ යෙදෙනවා.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »