ඔස්ට්‍රේලියානුවන්ගේ පුද්ගලික ණය ඩොලර් බිලියන 70ක්

ඔස්ට්‍රේලියාවේ සමස්ත ණය හිමියන් විසින් ගෙවීමට ඉතිරිව පවතින පුද්ගලික ණය ප්‍රමාණය ඩොලර් බිලියන 70 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.

Finder ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂණයකට අනුව සෑම ණය හිමියෙකු විසින්ම ගෙවීමට පවතින ණය මුදලෙහි සාමාන්‍යය ඩොලර් 20,238 ක් ලෙසිනුයි සටහන් වන්නේ.

කෙසේවෙතත් වසරකට පෙර එම අගය පැවතී ඇත්තේ ඩොලර් 18,000 ක සීමාවේයි.

මේ වනවිට සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකු විසින් සිය මෝටර් රථය සඳහා ඩොලර් 11,370 ක් – පුද්ගලික ණය ලෙස ඩොලර් 6,920 ක් සහ ක්‍රෙඩිට් කාඩ් ණය ලෙස ඩොලර් 1,948 ක් ගෙවීමට පවතින බවටයි තක්සේරු කර ඇත්තේ.

ජීවන වියදම ඉහළයාමත් සමග බොහෝ ඔස්ට්‍රේලියානුවන් විසින් buy-now-pay-later සේවා සඳහා යොමුවීම ඉහළ ගොස් ඇති බවද Finder ආයතනය නිකුත් කර ඇති වාර්තාවෙහි අන්තර්ගතයි.

දැනට මෙරට ජනතාව අතුරින් සියයට 54 ක් පමණ ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන බවද මෙහිදී හෙළිකරගෙන තිබෙනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »