
ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය මෙන්ම ලාභදායී මෝටර් රථ 10 නම් කර තිබෙනවා.
අවම මිල මෙන්ම අඛණ්ඩ ධාවනයේ යෙදිය හැකි, කාර්මීක දෝෂ අවම යන නිර්ණායකයන් යටතේ මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබුණා.
ඩොලර් විසි දහසත් තිස් දහසත් අතර මිල ගණන් යටතේ ලබා ගත හැකි වඩාත් ජනප්‍රිය මෝටර් රථ මේ යටතේ නම් කර ඇති බව සඳහන්.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුළ වැඩි අලෙවියක් සිදුවූ ජනප්‍රිය මෝටර් රථය ලෙස MG ZS රථය නම්කර ඇති අතර එහි විකුණුම් මිල ඩොලර් 23990ක්.
ඒ අනුව පසුගිය වසරේ අලෙවී වූ MG ZS මෝටර් රථ ගනන 29258ක්

මේ අතර ජනප්‍රිය නාමාවලියේ දෙවන ස්ථානය Hyundai i30 හිමිකර ඇති අතර එහි අලෙවියන් 20626ක්
Toyota Corolla මෝටර් රථට එක ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානයට පත්ව ඇති අතර එහි විකුණුම් මිල සටහන්ව ඇත්තේ ඩොලර් 29270ක් ලෙසයි.
පවතින ජීවන අර්බුධය හමුවේ නව මෝටර් රථයක් මිලදී ගැනීමට සුදානම් වන ඔබට ජනප්‍රිය හා සහනධායී මිල ජනතාවට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති.