Search

වෛද්‍ය ප්‍රතිකාර නොගන්න ඔස්ට්‍රේලියානුවන් ගණන සියයට 7% ක්.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 7 ක් එනම් මිලියන 1.75කට ආසන්න ජනතාවක්. ජීවන වියදම හමුවේ අත්‍යාවශ්‍ය වෛද්‍ය සායන වලට යොමු නොවන බව අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා..

මෙලෙස පුද්ගලයින් තම වෛද්‍යවරයා හමුවීමෙන් වැළකී සිටීම හෝ ප්‍රමාද කිරීමේ අගය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහල ගොස් ඇති බව සදහන්.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් අර්බුද රැසකට මුහුණ දෙනු ඇති.

රජයේ සේවා පිළිබඳ ඵලදායිතා කොමිෂන් සභාවේ නවතම වාර්තාවෙන් හෙළිව ඇත්තේ අධික පිරිවැය හේතුවෙන් බොහෝ දෙනෙක් තම ප්‍රාථමික ප්‍රතිකාරවලින් වැළකී සිටින බවයි.

මේ අතර රට පුරා ගිලන් රථ සේවාවන්හි ප්‍රමාදයක් වාර්තා කරන අයතර එම අගයද දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව සදහන්.

ඇතැම් අවස්ථා වල ප්‍රාන්තයෙව් ගිලන්රථ රැඳවුම් කාලය විනාඩි 30ක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ.

මේ තත්වය සමස්ථ වෛද්‍ය සේවයටම අයහපත් ලෙස බලපානු ඇති.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »