ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අද සිට යළි ඉහලට

අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371ක්.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363ක්.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262ක් වනවා.

මේ අතර ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 08කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456ක්.

එසේම ලංකා සුපිරි ඩීසල් 4ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල ද රුපියල් 07කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468ක්.

ලංකා IOC සමාගම ද මෙම මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »