ඔස්ට්‍රේලියාවේ නියමිත මුදලට වඩා කැපෙන කාඩ්පත් ගණුදෙනු

කාඩ්පත් ගෙවුම් වලදී ව්‍යාපාරිකයින් තම පාරිභෝගිකයින්ගෙන් අමතර ගාස්තුවක් අයකෙරෙන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

ෆෙඩරල් බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව 2019 සහ 2022 අතර කාලසීමාවේ පමණක් අමතර ගාස්තු ගෙවීම් සංඛ්‍යාව සියයට 77.5 කින් ඉහළ ගොස් ඇති බවයි.

මෙලෙස කාඩ්පත් මගින් අමතර ගාස්තුවක් අයකෙරෙන ක්ෂේත්‍ර අතර හෝටල් ක්ෂේත්‍රය ප්‍රමුඛ වනවා.

මිට අමතරව පබ් සහ සුරාසැල් ආශ්‍රිතව අයකෙරෙන අමතර ගාස්තු අගය සියයට 43 ක් වන අතර කැෆේ සහ ආපනශාලාවලින් අයකෙරෙන අගය සියයට 42 ක් බව සදහන්.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිෂන් සභාව විසින් බලාත්මක කරන ලද නීති යටතේ නිශ්චිත ආකාරයේ ගෙවීමක් සඳහා වැය වන මුදලට වඩා වැඩි අගයක් ලබාගැනීමට ව්‍යාපාරවලට කිසිදු අවසරයක් නැහැ.

කාඩ්පත් වලින් පමණක් ගෙවීම් කළහැකි ව්‍යාපාරවලට  තම පාරිභෝගිකයන් මත අමතර ගාස්තුවක් පැනවීමට අවසර හිමි නොවන බව පාරිභෝගික සේවා කොමිසම පවසනවා.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව තුළ මුදල් රහිත සමාජයක් නිර්මාණය වීම හේතුවෙන් පුද්ගලයින් වැඩි වශයෙන් කාඩ්පත් ගනුදෙනු වෙත යොමුවනු ඇති.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »