ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට කඩිනම් passport සේවාවක්

ඔස්ට්‍රේලියානුවන් සඳහා ප්‍රමාදයකින් තොරව පාස්පොට් නිකුත් කිරිමේ නවතම වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය ඔනෑම පුද්ගලයෙකුට ප්‍රමුඛතා සේවා මගින් ඉතා පහසුවෙන් තම බලපත්‍රය ලබාගැනීමට හැකි බවයි ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය නිවේදනය කළේ.

 

ඒ සදහා අයදුම්පතක් යොමු කලයුතු අතර කාර්යාලයේ රාජකාරී දින දෙකක් ඇතුලත අදාළ සේවා ලබාගැනීමට ජනතාවට හැකිවනු ඇති.

 

කෙසේ වෙතත් මෙම ප්‍රමුඛතා සේවා වෙත අයදුම් කිරීමට සෑම පුද්ගලයකුටම අවස්ථාව හිමිවන්නේ නැහැ

 

පසුගිය වසර පහක කාලසීමාව තුළ විදේශ ගමන් බලපත්‍ර දෙකක් හෝ වැඩි ගණනක් නැතිවී ඇති හෝ විදේශ ගමන් බලපත්‍රය සොරකම් කිරීමට ලක්වූ පුද්ගලයින්ට මෙම සේවා ලබාගැනීමට නොහැකි වනු ඇති.

 

දැනටමත් ඔබ සාමාන්‍ය සැකසුම් සේවාව යටතේ ඔබගේ අයදුම්පත ගොනු කර ඇත්නම් එය ප්‍රමුඛතා සේවා වෙත මාරු කිරීමට 131 232 යන දුරකතන අංකය ඇමතීමෙන් හැකියාව ලැබෙනවා.

 

අදාළ සේවා සදහා ඩොලර් 252ක මුදලක් අයවෙනු ඇති.

 

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »