ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් රැකියා කප්පාදුවකට සැරසෙයි

ඩිජිටල් ගෙවීම් ක්ශේත්‍රයේ දැවැන්තය සමාගමක් වන Paypal සමාගම රැකියා 2500ක් පමණ කප්පාදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්ස් ක්‍රිස් සඳහන් කළේ ඉදිරියේ දී ලොව පුරා විහිදි ඇති ශ්‍රම බලකාය සියයට 9කින් අඩු කිරීමට සුදානම් බවයි.

මෙලෙස අත්හිටුවීමට නියමිත කාර්ය මණ්ඩල තොරතුරු මෙම සතිය අවසානයේ දැනුම්දීමට නියමිත බව ඇය වැඩිදුරටත් සදහන් කළා.

පසුගිය මාස 12ක කාලසීමාව තුළ Paypalසමාගම සියයට 20කින් පාඩු ලැබීමත් සමග පාලනාධිකාරිය මෙම පියවර ගෙන තිබුණා.

ඉදිරියේදි ශ්‍රම බලකාය අඩු කරමින් කෘතිම බුද්ධිය උපයෝගි කර ගැනීම සම්බන්ධයෙන් ද Paypal සමාගමේ අවදානය යොමුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ගෝලීය විද්වතුන් පවසන්නේ කෘතිම බුද්ධිය ලොව පුරා ප්‍රචලිත වුව ද මෙලෙස රැකියා කප්පාදු කිරීම සුදුසු පියවරක් නොවන බවයි.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »