
2023 වසරේ ඔස්ට්‍රේලියානු සංක්‍රමනිකයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස පන් ලක්ෂ දහඅටදහස ඉක්මවා තිබෙනවා.
මේ අතර උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සිසුන් සංඛ්‍යාව කපා හැරීම කෙරෙහි පාලක ලේබර් පක්ෂ රජයේ අවදානය යොමුව තිබුණාද මාර්තු මස වන විට එම සම්භාධක ලිහිල් කිරිමටයි පියවර ගෙන ඇත්තේ.
Student Visa යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ දෙනෙකු රැකියා කිරීම අරමුණ කර ගැනීම හේතුවෙන් මෙලෙස Student Visa කප්පාදු කිරීමටයි රජය පියවර ගෙන ඇත්තේ.

දැනට මෙරට තුළ සිටින ශිෂ්‍ය වීසා බලපත් හිමියන් සංඛ්‍යාව 725000 කට අධික වන අතර නිවාස හා කුළී ගාස්තු අර්බුදයට ප්‍රධානම හේතුව එය බවටත් චෝදනා එල්ල වනවා.
කෙස්වෙ වෙතත් ඔස්ට්‍රේලියාව තුල ස්ථිරවම පදිංචි වීමට කැමති ජාත්‍යන්තර සිසුන්ට අවශ්‍ය පහසුකම් ඉදිරියේ දී ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.

මූලික වශයෙන් අධ්‍යාපනය ඉලක්ක කරගනිමින් ඔස්ට්‍රේලියානු සිසුන් හඳුනා ගැනීමේ වැඩපිලිවෙලක් ද ඒ යටතේ සිදුවනු ඇති.