Search

ඔස්ට්‍රේලියාවේ මත්පැන් සහ දුම්කොළ ආශ්‍රිත පාරිභෝගික මිල තවත් ඉහළට

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික මිල අගය පසුගිය මස සියයට 0.6කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ සමස්ථ පාරිභෝගික මිල අගය සියයට 4.1 කින් ඉහළ ගොස් තිබුණා.

පාරිභෝගික භාණ්ඩ අනුව මිල ගණන් වෙන් කිරීමේ දි ඉහළ අගයක් මත්පැන් සහ දුම්කොළ ආශ්‍රිත නිශ්පාදන වෙත යොමුවන අතර එම අගය සටහන්ව ඇත්තේ 6.6ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කළේ 2021 වසරට පසු මෙලෙස අවම පාරිභෝගික මිල වැඩිවීමක් වාර්තා කල පළමු අවස්ථාව මෙය බවයි.

මෙම වසරට අදාළව ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානීන්ගේ පළමු රැස්වීම ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිත අතර දැනට පවතින පොලී අනුපාතිකය තවදුරටත් එලෙසම පවතිනු ඇති බව ආර්ථික විශේෂඥයින් පවසනවා.

පාරිභෝගික මිල ගණන් මෙලෙස ඉහළ යෑම තවදුරටත් රට උද්ධමනය කරා රැගෙන යන බවයි විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් දැනට පවතින බැංකු පොලි අනුපාතිකය සියයට 4.35ක මට්ටම තවදුරයත් එළෙසම පවතිනු ඇති.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »