Search

වෙස්වලාගෙන ඊශ්‍රායල SF භටයින් රෝහලක් තුළ සිදුකළ බිහිසුණු මෙහෙයුම

පලස්තීන සිවිල් වැසියන්ට සිදුවන ජීවිත හානි සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය නියෝගයක් ලබා දුන්න ද ගාසා තීරයේ මෙහෙයුම්වලින් මිය යන සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදායින් පසු මේ දක්වා ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 26,637ක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 65,387ක් බවයිེ

මේ අතර “ගාසා සිටි” කලාපයට තුන් පැත්තකින් ඇතුළු වූ ඊශ්‍රායල හමුදා එහි පලස්තීනුවන්ට ඉවත්වන ලෙස දැනුම්දී ඇති බව සඳහන්.

පසුගිය දෙසැම්බර් 1 වනදා සිට මිලියන 1.38ක් පලස්තීනුවන්ට තමන් සිටින ප්‍රදේශවලින් ඉවත්වන ලෙස දැනුම්දී ඇති අතර ඉන් ලක්ෂ 7ක් පමණ තාවකාලික කඳවුරු 161ක රඳවා ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු කාර්යාලය සඳහන් කළා.

මේ අතර පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයේ රෝහලකට, වෛද්‍යවරුන් හෙදියන් සහ සිවිල් වැසියන් ලෙස වෙස්වලාගෙන ඇතුළු වූ ඊශ්‍රායල විශේෂ බළකා සෙබළුන් එහි සිටි පලස්තීනුවන් තුන්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වුණා.

ඊශ්‍රායලය පවසන්නේ ප්‍රහාරයකට සූදානම් වූ හමාස් සන්නද්ධ සාමාජිකයන් තුන්දෙනෙකු සිය කොමාන්ඩෝ භටයින් විසින් එලෙස මරා දැමූ බවයි.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »