වික්ටෝරියා ප්‍රාන්තයට යළිත් වඳුරු උණ අවදානමක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව වඳුරු උණ ප්‍රභේධයක් ආසාධනය වූ පුද්ගලයෙකු හමුව තිබෙනවා.

මෙලෙස රෝගියෙකු යලිත් හමුව ඇත්තේ මාස 6කට පසුව වන අතර ජනතාව අවධානයෙන් පසුවන්න ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ.

නවතම ප්‍රභේධය විදේශ රටකින් පැමිණියක් නොවන අතර දේශීය සම්ප්‍රේෂණයයක් බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දන්වා සිටිනවා.

මේ දින වල වික්ටෝරියා ප්‍රාන්තට පුරා වැඩි වශයෙන් ජනතා ඒකරාශීවිම් සිදුවන අතර ජනතාව හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා.

2022 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් වඳුරු උණ නොහොත් monkeypox රෝගය වැළඳි පුද්ගලයින් 70ක් වාර්තා වූ අතර 2023 වසරේ වාර්තා වී ඇත්තේ රෝගීන් 8 දෙනෙක් පමණයි.

මෙම රෝගයේ විකෘති ප්‍රභේදයන් තවදුරටත් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර ජනතාව අදාළ එන්නත් කරනයන් වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දන්වා තිබෙනවා.

උණ, හිසරදය, තෙහෙට්ටුව හෝ වසා ගැටිති ඉදිමීම මෙහි රෝග ලක්ෂණ වන අතර පසුව කුඩා සැරව බිබිළි ශරීරය පුරා ව්‍යාප්ත වනු ඇති.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »