Search

ඔස්ට්‍රේලියාව තුල Booking.com වංචනික ක්‍රියා ඉහළට – අවදානයෙන් පසුවන්න

Booking.com වෙබ් අඩවිය හරහා සිදු කෙරෙන වෙන් කරවා ගැනීම් වලදී, සිදුවන වංචනික ක්‍රියා ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසම පවසනවා.

ඒ අනුව පසුගිය 2023 වසරේ ඒ ආශ්‍රිත සිදුවු වංචනික ක්‍රියා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට සිදුවු පාඩුව ඩොලර් ලක්ෂ තුන් ලක්ෂ තිස් හත්දහසක් බවයි වාර්තා වන්නේ.

සයිබර් අපාධකරුවන් Booking.com වෙබ් අඩවිය හරහා නවාතැන් ප්‍රසිද්ධ නවාතැන් සපයන්ගේ ගිණුම් වෙත වංචනික ලෙස ප්‍රවේශ වී අදාළ අයිතිකිරුවන් ලෙස පෙනී සිටිමින් මෙලෙස මුදල් ලබා දෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Scamwatch සඳහන් කළේ මෙවැනි වංචනක ක්‍රියාවන් තවදුරටත් booking.com හරහා සිදු වන බැවින් අදාල වෙන් කරවා ගැනීම සිදු කිරීමට පෙර එහි අනන්‍යතාව ගැන සැලකිලිමත් වන ලෙසයි ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ

අදාළ වංචනික ක්‍රියා සිදු කෙරෙන පුද්ගලයින් එහි අනන්‍යතාව රැකීම සදහා e-mail පණිවුඩ එවීමට කටයුතු කරන අතර හැකිතාක් දුරකතන මාර්ග ඔස්සේ අදාළ දේපල හිමියන් සම්බන්ධ කරගැනීම වඩාත් වැදගත්.

2023 වසරේ Booking.com හරහා සිදුවු වංචනික ක්‍රියාවන්ට අදාළ පැමිණිලි සංඛ්‍යාව 363 ක්.

ලෝකයේ වැඩි පිරිසක් නවාතැන් වෙන්කරවා ගැනීම සදහා booking.com වෙබ් අඩවිය භාවිත කරන අතර
වැඩි පිරිසක් අදාල වෙන් කර ගැනීම් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කරනු ලබනවා.

මේ හේතුවෙන් අදාල දේපල හිමියන් දුරකතන මාර්ග ඔස්සේ සම්බන්ධ වීමක් සිදු නොකෙරෙන අතර වංචනික ක්‍රියා තවදුරටත් සිදුවනු ඇති.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »