ඔස්ට්‍රේලියාවේ නව පාසැල් වාරය සමග ගුරු පුරප්පාඩු රැසක්

නව පාසල් වාරය ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියාවේ පාසල් පද්ධතිය තුළ වූ ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් යලිත් අවදානය යොමුව තිබෙනවා.

බොහෝ පාසල් පූර්ණ කාලීන සහ තවකාලීන පුරප්පාඩු සඳහා ගුරුවරු සොයාගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

ගුරු පුරප්පාඩු බහුලව පවතින ප්‍රාන්තය අතර නිව්සවුත්වේල් ප්‍රාන්තය ප්‍රමුඛස්ථානයට පත්ව තිබෙනවා.

මෙම තත්වය මත  විශ්‍රාමික ගුරුවරුන් නැවත සේවයට කැඳවීමට බලධාරීන් තීරණය කර ඇති බව සදහන්.

නව පාසැල් වාරය ආරම්භ කිරීමත් සමග මෙලෙස ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් වාර්තාවූ ප්‍රතම අවස්තාව මෙයයි.

විශේෂයෙන් ඉතා වැදගත් විෂයන් වන ගණිතය ,විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයන් සඳහා දැඩි ගුරු හිඟයක් පවතින අතර නිව් සවුත්වේල් ප්‍රාන්තයෙන් වාර්තා වූ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව දහසක්.

ගුරු වෘතියට අදාළ උපාධි අපේක්ෂකයින්ගේ සංඛ්‍යාවද පහල අගයක් ගැනීම ගුරු පුරප්පාඩු පියවා ගැනීම සදහා තවදුරටත් බලපානු ඇති.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »