Search

මූල්‍ය ආතතියට රහසිගත උපදේශණ සේවාවක්

මූල්‍ය ආතතිය හේතුවෙන් පීඩා විදින ඔස්ට්‍රේලියානුවන සදහා අවශ්‍ය උපදෙස් ලබාදීමේ අරමුණින් උපදේෂණ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මූල්‍ය දුෂ්කරතා අත්විඳින පුද්ගලයින්ට ඔවුන්ගේ ණය සම්බන්ධයෙන් ප්‍රායෝගික උපදෙස් එමගින් ලැබෙනු ඇති.

මෙම මූල්‍ය උපදේශන ආයතනය සඳහා අරමුදල් සපයනු ලබන්නේ ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන්ගෙන් වන අතර මෙය සේවා  සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුවන බව වැඩිදුරටත් සදහන්.

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියනුවන් දැඩි මූල්‍ය ආතතියකින් පසුවන අතර ඇතැම් පුද්ගලයින් සියදිවි නසා ගැනීමටද පෙළඹ ඇති බවයි වාර්තා වන්නේ.

බැංකු පොලී අනුපාතිකය ඉහළ යෑම, කුලී නිවාස අර්බුධ  වැනි ප්‍රශ්න හමුවේ ඔස්ට්‍රේලියානුවන් දැඩි ආර්ථීක පීඩනයකට පත්ව ඇති බව සදහන්.

ඒ අනුව 1800 007 007 යන දුරකතන අංකය ඔස්සේ ඔබට National Debt Helpline හි මූල්‍ය උපදේශකයකු හා සම්බන්ද විය හැකියි.

මෙම සේවා රහසිගතව සිදුවන අතර පුද්ගල අනන්‍යතාවකට කිසිදු බලපෑම් සිදු වන්නේ නැහැ

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »