බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක පංච පුද්ගල ඝාතනයට සිද්ධියකට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගියදා බෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළවයි.

ඊයේ :29* උදෑසන හක්මණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් රත්ගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේල එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසය අවුරුදු 23ක් හා 33ක් වන බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි.

අපරාධය සිදුකිරීමට යොදාගත් ගිනිඅවි දෙක අපරාධය සිදුකිරීමෙන් පසු මෙම එක් සැකකාරියකට අයත් යතුරුපැදියකින් කරාපිටිය ප්‍රදේශයේ සිට බූස්ස ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබිණා

සිද්ධිය සම්බන්ධයෙන් හක්මණ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »