උදේ සහ සවස් කාලයේ මෝරුන්ගේ අක්‍රමණයන් වැඩී

සිඩ්නි වරාය ආශ්‍රිතව මෝර ප්‍රහාරටකට ලක්වීම හේතුවෙක් කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 25 හැවිරිදි කාන්තාවක් වන අතර දිය නෑමට යෑමේ දී මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

මේ දිනවල මෝර ප්‍රහාරයන් හේතුවෙන් සිදුවු අනතුරු සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෝර විශේෂඥ සහ සමුද්‍ර ජීව විද්‍යාඥ ලෝරන්ස් ක්ලෙබෙක් සඳහන් කළේ උදේ සහ සවස් කාළයේ වරාය ආශ්‍රිත පිහිණුම් වලින් වැලකී සිටීම වඩාත් සුදුසු බවයි.

දිවා කාලයේදී එනම් පූර්ණ හිරු කිරණ තුළ මෝරුන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වන අතර වෙරළ ආශ්‍රීත කලාපය තුළ සැරිසැරීමද අඩු බවයි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මීට පෙර පාසැල් සිසුවියක් මෝර ප්‍රහාරයන්ට ලක්වීම හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාසල් සිසුන් සඳහා ද සාගර ජල ක්‍රීඩා තහනම් කර තිබුණා.

මේ අතර අනාරක්ෂිත ස්ථාන වලින් දිය නෑමෙන් වැළකි සිටින ලෙස ජීවිතාරක්ෂක අංශ වැඩිදුරටත් ජනතාවට උපදෙස් දෙන අතර අවදානම් සහිත ස්ථාන වල විශාල දැන්වීම් පුවරු සවිකිරීමට ද පියවර ගෙන තිබෙනවා

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »