ඔස්ට්‍රේලියාවෙන් ජොර්දානයට ගිය ගවයින් ආපසු හැරි එයි

ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් ආනයනික බැටලුවන් සහ ගවයින් තොගයක් නැවත ඔස්ට්‍රේලියාවට හරවා එවා තිබෙනවා.

මෙලෙස ආපසු ගෙන්වා ඇත්තේ මැද පෙරදිග ජෝර්දානය බලා ආනයනය කිරීමට නියමිත බැටළුවන් 14,000ක් සහ ගවයන් 2000ක්.

නැව් මගින් අදාළ සතුන් තොගය ආනයනය කර ඇති අතර රතු මුහුදේ නාවුක වෙළෙදනැව් ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන ප්‍රහාර හමුවේ අදාල නැව නැවත හරවා ගැනීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

සතුන් පටවාගත් නෞකාව පසුගිය ජනවාරි 5වනදා ගමන ඇරම්භ කර ඇති අතර දින 15ක කාලයක් වෙන්වුවද නෞකාව නැවත හරවා ඒම හේතුවෙන් දින 24කට පසු යළි ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණා.

මෙම සතුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සදහන් කර ඇති අතර පශු වෛද්‍ය උපදෙස් මත සතුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව සදහන්

කෙසේ වෙතත් මේ සදහා විශාල පිරිවැයක් දැරීමට ආනයනකරුවන්ට සිදුවන අතර දීර්ඝ කාලයක් මෙලෙස සතුන් එකම ස්ථානයේ රැදී සිටීමෙන් ඇතිවිය හැකී බෝවන රෝග පිළිබද පර්‍යේෂණ සිදු කිරීමට නියමිතයි.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »