ඔස්ට්‍රේලියානු තරුණියන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් කුමන හෝ මානසික ආබාධයකට

සෑම ඔස්ට්‍රේලියානු තරුණ ගැහැණු ළමුන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු කුමන හෝ මානසික ආබාධවයකට පත්ව තිබෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ආබාධ සියයට 50 කින් ඉහළ ගොස් ඇති බව

අදාළ වාර්තා පෙන්වා දෙන්නේ ගතවූ වසර 15 තුළ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය දිගින් දිගටම පිරිහී ඇති බවයි.

වයස අවුරුදු 16 ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 40 ක් 2020-2022 කාලසීමාවේදී කුමන හෝ මානසික ආබාධයකට ගොදුරු වී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ගතවූ වසර 02 දී මිලියනයකට අධික තරුණ පිරිසක් කුමන හෝ මානසික සෞඛ්‍ය පිරිහීමකට නතුව තිබීම විශේෂත්වයක්.

මානසික පීඩාවට පත්වුවන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් බව සඳහන්.

මේ අතර සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් 03 දෙනෙකුගෙන් එක් අයෙකු ද කුමන හෝ මානසික ආබාධයකට ලක්වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

හුදකලාව හා කාංසාව මෙන්ම සමාජ මාධ්‍ය ද මානසීක ආබාධ සඳහා ප්‍රධාන හේතු ලෙසයි හදුනාගෙන ඇත්තේ.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »