
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ පසු වු ශ්‍රී ලංකාවේ ‘ලොරේන්සෝ පුතා 04’ බහුදින යාත්‍රාව මුදා ගැනීමට සීෂෙල්ස් නාවික හමුදාව සමත්ව තිබෙනවා.
පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ ,ලොරේන්සෝ පුතා 04, බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමඟින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබුණේ පසුගිය සෙනසුරාදායි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ එහිදී මුහුදු කොල්ලකරුවන් තිදෙනෙක් ද සීෂෙල්ස් නාවික හමුදාව භාරයට ගෙන ඇති බවයි.

අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06දෙනාම නිරුපද්‍රිතව සිටින බව ද එරට නාවික හමුදාව තහවුරු කර තිබෙනවා
ඒ අනුව අදාළ ධීවර යාත්‍රාව සීෂෙල්ස්හි වික්ටෝරියා අගනුවර වෙත රැගෙන යමින් ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේග

මෙලෙස සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් නිරුපද්‍රතිව දිවි ගලවා ගැනීමට ලැබීම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද අවධානය යොමුව තිබෙනවා.