තර්ජනාත්මක විද්‍යුත් පණිවුඩයක් හේතුවෙන් මෙල්බන් පාසලක් වැසෙයි

තර්ජනාත්මක විද්‍යුත් පණිවුඩයක් හේතුවෙන් මෙල්බන්හි ප්‍රධාන පෙළේ පාසැලක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

නව වාරය සඳහා පාසැල් ආරම්භ කිරීම ඊයේ දිනට යෙදී තිබුණ ද පාසැල් පාලනාධිකාරියට ලද විද්‍යුත් පණිවුඩයක් හේතුවෙන් පාසැල් ආරම්භ කිරිම නවතා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

පාසැල් සිසුවියක් ඉලක්කකර ගනිමින් පිහි ඇණුමක් සිදුකිරීමේ ප්‍රයත්නයක් පවතින බව එම විද්‍යුත් පණිවුඩයේ සඳහන්.

මෙලෙස අවධානමට ලක්ව ඇත්තේ Mt Hira (මැට් හිර) පාසල වන අතර අදාළ තර්ජනාත්මක විද්‍යුත් පණිවුඩය ලද සැනින් විදුහල්පති ඇතුලු පාලනාධිකාරිය දෙමාපියන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

මේ වන විට පාසැල් පරිශ්‍රයේ ආරක්ෂාව තර කර ඇති අතර පොලිසිය මුර සංචාර අඛණ්ඩව සිදු කෙරෙන බව සදහන්.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමග මහජන ආරක්ෂාවට ක්ෂණික තර්ජනයක් නොමැති බව වික්ටොරියානු පොලීසිය අවධාරණය කරන අතර මෙය මහජනතාව නොමග යෑවීම සඳහා සිදු කළ ක්‍රියාවක්ද යන්න විමර්ශන ක්‍රියාත්මකයි.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »