Qantas ප්‍රමාදයන් වැළැක්වීමට තවත් සමාගමක් කැඳවයි

ඔස්ට්‍රේලියාවේ  Qantas ගුවන් සමාගමේ සේවා ප්‍රමාදයන් වැළැක්වීමේ අරමුණින් නව සමාගමක් කැඳවීමට Qantas බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව Qantas හී දෙවන උපදේශන සමාගමක් ලෙස McKinsey (මැක්කින්සි) සමාගම එක්කර ගෙන ඇති බව සඳහන්.

නියමිත වේලාවට කාර්ය සාධනය වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගනිමින්  සති 12ක කාලසීමාවක් සදහා නව සමාගම කැඳවා තිබෙනවා.

මේ වන විට ඔස්ට්‍රේලියානු ගුවන්සේවා අතුරින් නියමිත වේලාවට ගුවන් සේවා පවත්වාගෙන යෑමේ අගය සටහන්ව ඇත්තේ සියයට 70ක් ලෙසයි.

මෙම අගය පුර්ව කොවිඩ් සමය තුළ ක්වන්ටාස් සමාගම පවත්වාගෙන ආ අගයට සාපෙක්ෂව විශාල පහත වැටීමක් බව සදහන්.

ක්වන්ටාස් හි තම සන්නාමය සහ කීර්තිය නැවත ගොඩනැගීම මෙහි තවත් එක් අරමුණක් වන අතර මේ සදහා ඩොලර් මිලියන 230ක මුදලක් වෙන්කර තිබෙනවා.

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »