Search

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියෙකුට දරුවෙක් ලැබුනොත් මුලින්ම කියන්නේ කාටද

තාවකාලික වීසා කාණ්ඩ යටතේ ඔස්ට්‍රේලියාවේ රැදීසිටියදි දරු ප්‍රසූතියක් සිදුවුවහොත් දරුවා පිළිබද තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙස දන්වා තිබෙනවා.

මෙහිදී දරුවා ලැබෙන විට ඔබ සිටින වීසා කාණ්ඩයටම දරුවා ඇතුලත් වීම සිදුකෙරෙනු ඇති.

කෙසේ වෙතත් දරුවා ඔස්ට්‍රේලියාවේ ඉපදුනද ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය පිරිනැමීමක් සිදු වන්නේ නැහැ.

ඒ සඳහා 1022 දරණ ආකෘති පත්‍රයද,
දරුවාගේ ඕස්ට්‍රේලියානු උප්පැන්න සහතිකයේ වර්ණ පිටපතක් ද ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත භාරදීම අනිවාර් ය වනු ඇති.

මෙහිදු වැදගත් වනුයේ මෙහිදී දරුවා පිලිබඳ විස්තර හැකි ඉක්මනින් අදළ අංශ වෙත ලබාදීමයි.

දරුවාට ගමන් බලපත්‍රයක් සාදා නොමැතිවුවද මේ සඳහා අයදුම්පත යොමුකිරීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව ඔබ ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික විසා කාණ්ඩ වන 476, 485, 500 හෝ 590 විස කාණ්ඩයේ සිටිනවානම් Department Of Home affairs හි වෙබ් අඩවියෙන් ඔබේ දරුවා, ඔබේ වීසා බලපත්‍රයට ඇතුලත් කිරීමට අයදුම් කල හැකි වනු ඇති.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »