Search

ලොව හොඳම වෙරළ තීර 3 අතර ඔස්ට්‍රේලියාවේ Cable Beach

ලොව හොඳම වෙරළ තීර 25 අතුරින් වෙරළතීර දෙකක් ඔස්ට්‍රේලියාව සතුව තිබෙනවා.

ඒ අනුව ලොව අංක එකේ වෙරළ ලෙස නම් කර ඇත්තේ බ්‍රසීලයේ බායි ඩූ සන්චෝ මූහුදු තීරයයි.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැන අරූබා හි ඊගල් වෙරළ තීරය නම් කර ඇති අතර තෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවේ කේබල් වෙරළ තීරය හිමි කරගෙන තිබෙනවා.

TripAdvicer වෙබ් අඩවිය මගින් පසුගිය මාස 12ක කාලසීමාව තුළ ගෝලීය සංචාරකයින් විසින් ඉදිරිපත් කරන ලද සමාලෝචනයක් අනුව මෙම වාර්තාව පසුගියදා ඉදිරිපත්කර තිබුණා.

මේ අතර එම ශ්‍රේණිගත කිරීමේ 13 වන ස්ථානය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවර පිහිටි මෑන්ලි බීච් නම් කර තිබීම විශේෂත්වයක්.

දර්ශනීය තොටුපළකින් සමන්විත මෙම මුහුදු තීරය සංචාරකයින් අතර වඩාත් ජනප්‍රියයි.

මෙම ශ්‍රේණිගත කිරීම සඳහා වෙරළ තීරයේ ගුණාත්මකභාවය සහ ප්‍රමාණය යන සාධක දෙක ඇගයීමට ලක් කර ඇති බව සඳහන්.