ඔස්ට්‍රේලියාවේ පදිංචිකාරියක් යැයි පවසමින් ලාංකාවේ පොලීසියට පාට් දැමු කත අත්අඩංගුවට

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් යැයි කියමින් කාන්තා පොලිස් සැරයන්වරියකට පහරදුන් 31 හැවිරිදි කාන්තාවක් ගන්දර පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගන්දර පොලිසියේ ත්‍රිරෝද රථයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ස්ථානය කරා පැමිණ සිටියෙදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් පොලිස් ත්‍රිරෝද රථය අනතුරට ලක් කිරීමට උත්සාහ දරා ඇත.

මෙම කාන්තාව අධික වේගයෙන් පැමිණ තිබෙන බවත්, ඇයට වේගය පාලනය කරගත නොහැකිව අනතුරට ලක්වීමට ගිය බවත් ගන්දර පොලිසිය සදහන් කරයි.

මෙම අවස්ථාවේදී පොලිස් ත්‍රිරෝද රථයේ පැමිණි නිලධාරීන් කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේ තමන් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණිය බවත්, ඔස්ට්‍රේලියාවේ පදිංචිකාරිනියක මෙන්ම නීතිඥවරියක බවත් පවසා මෝටර් රථයේ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති.

පසුව මෙම කාන්තාව ත්‍රිරෝද රථයේ පැමිණි කාන්තා පොලිස් සැරයන්වරියගේ පපු ප්‍රදේශයට වැළමිටෙන් පහරදී ඇති අතර, ඇය ප්‍රතිකාර සදහා මාතර රෝහල වෙත ඇතුළත් කර ඇත.

පොලිස් ත්‍රිරෝද රථයේ පැමිණි පොලිස් සැරයන්වරුන් දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවකු ඉදිරිපත් කර පැමිණෙමින් සිටියෙදී මාතර රෝහලේ කාන්තාවකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ගිය කාන්තා පොලිස් සැරයන්වරිය ද ත්‍රිරෝද රථයට ගොඩ වී ඇත.

කෙසේ වෙතත් පොලිස් නිලධාරිනියට පහරදීමේ චෝදනාව මත 31 හැවිරිදි මෙම කාන්තාව ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඇය ගැන කරන ලද වැඩිදුර විමර්ශන වලදි ඇයගේ මව කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක නොව විශ්‍රාමික කාන්තා පොලිස් පරීක්ෂකවරියක බව අනාවරණය වී ඇත.

සැකකාරිය අද (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

(අරුණ)

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »