ඔස්ට්‍රේලියාවේ හොඳම රැකියා 10 නම් කෙරෙයි

ඔස්ට්‍රේලියානු ජාතික නිපුණතා කොමිෂන් සභාව විසින් වසර 2025 දක්වා වැඩිම වර්ධනයක් අපේක්ෂා කරන ඔස්ට්‍රේලියාවේ හොඳම රැකියා 10 හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව Aged care සහ disability care වැනි සත්කාරක සේවා සපයන්නන් මෙන්ම ලියාපදිංචි හෙදියන් එම ලයිස්තුවේ ඉහළින්ම සිටිනවා.

එම වෘත්තීන් සඳහා ඇති ඉල්ලුම ඉදිරියේදී සියයට 40 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මීට අමතරව software and applications programmers රැකියා 46,100 කින් හෝ 30% කින් හෝ වර්ධනය වනු ඇති.

2025 දක්වා වැඩිම වර්ධනයක් අපේක්ෂා කරන ඔස්ට්‍රේලියාවේ හොඳම රැකියා ලයිස්තුවේ කැෆේ සහ අවන්හල් කළමනාකරුවන් 7 වන ස්ථානයටත් පැමිණ තිබෙනවා.

ඉදිරි වසර තුළ වේටර්වරුන්ගේ රැකියා 42,000 කින්ද කැෆේ සහ අවන්හල් කළමනාකරුවන්ගේ රැකියා 21,300 කින්ද වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව වැඩිදුරටත් සදහම්.

කොවිඩ් වසංගතයෙන් පසුව hospitality ක්ෂේත්‍රයේ ශීග්‍ර වර්ධනයක් ඇතිවීම මීට ප්‍රධානතම හේතුවයි.

ඔස්ට්‍රේලියාවේ General clerks හෙවත් සාමාන්‍ය ලිපිකරුවන්ගේ රැකියා පිළිබඳ එතරම් අවධානයක් යොමු නොවුවද වැඩිම වර්ධනයක් අපේක්ෂා කරන රැකියා 10 අතර සාමාන්‍ය ලිපිකරුවන් 5 වන ස්ථානයේ පසුවනවා.

මීට අමතරව වෙළඳ දැන්වීම්, මහජන සම්බන්ධතා සහ විකුණුම් කළමණාකරුවන්ගේ රැකියා එම ලයිස්තුවේ 6 වන තැනට පත්ව තිබීම විශේෂත්වයක්.

ඉහත රැකියාවලින් අඩකට අවම සුදුසුකම් වශයෙන් උපාධියක් හෝ තිබිය යුතුවනවා.

තවත් රැකියා කිහිපයක් සදහා certificate level II හෝ III සම්පුර්ණ කළ යුතුයි.

වැඩිම වර්ධනයක් අපේක්ෂා කරන ඔස්ට්‍රේලියාවේ හොඳම රැකියා 10 ලබා ගැනීම සදහා ඩිප්ලෝමාවක් හෝ advanced  ඩිප්ලෝමාවක් පමණක් තිබීම ප්‍රමාණවත් වන අතර අනෙක් රැකියාවට අවම වශයෙන් certificate level IV තිබීම අනිවාර් යයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »