වසර 161ක ඉපැරණි සිඩ්නි හි මන්දීරයට මොකද වුණේ

සිඩ්නි නගරයේ ඉපැරණි මන්දීර ගරා වැටීමේ අවධානමකට ලක්ව තිබෙනවා.

නිසි නඩත්තු කටයුතු සහ ප්‍රතිසංස්කරන සිදු නොකිරීම හේතුවෙන් අතීත පෞඩත්වයන් පිළිබිඹු කෙරෙන බොහෝ ගොඩනැගිලි මෙලස විනාශ වන බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් ඩොලර් මිලියන 71 ක වටිනාකමින් යුත් එලේන් මන්දීරය මෙලෙස ගරාවැටීමට ලක්වු මන්දීර අතර වනවා.

1863 වසරේ නිර්මානය කර ඇති මෙම මන්දීරය 2017 වසරේ ධනවත් මෘදුකාංග ශිල්ලියෙකු විසින් මිලදි ගෙන ඇති බව ද සඳහන්.

මෙම මන්දීරයේ විශේෂත්වය වනුයේ මෙහි සෑම අංගයක්ම ඔස්ට්‍රේලියා වාස්තු විද්‍යාත්මක ක්‍රමෝපායන් අනුව නිර්මාණය කර තිබීමයි.

මීට අමතරව ස්ටඩ්ලි පාර්ක් හවුස් මෙන්ම වඩාත් ඉපැරණී ක්වාම්බි මන්දීරය ද මෙලෙස ගරාවැටීමට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් වසර 161ක ඉපැරණි මන්දීර මෙලෙස කිසිදු නඩත්තුවකින් තොරව විනාශයට ලක්වීම ඛේදනීය බව පුරා විද්‍යාඥයින් පවසනවා. 

 

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »