Search

අද දින සැලසුම් කර පරිදි ග්‍රේටර් බ්‍රිස්බේන් හි lockdown තත්වය ඉවතට!

අද දින සැලසුම් කර පරිදි ග්‍රේටර් බ්‍රිස්බේන් හි lockdown තත්වය ඉවතට!

අද දින ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා නොවීමත් සමඟ දින 3ක් පුරාවට ග්‍රේටර් බ්‍රිස්බේන් හි පැවතුන දැඩි lockdown තත්වය අද(11/01) සවස 6 ට ඉවත් කරනු ලැබේ.

මෙම lockdown කාලය පුරාවටම ක්වීන්ස්ලන්ත ප්‍රජාව තුළ කිසිදු කොරෝනා සිද්ධියක් සොයාගෙන නොමැත.

ග්‍රේටර් බ්‍රිස්බේන්හි පැවති lockdown ක්‍රියාමාර්ගයන්ට අනුකූලව කටයුතු කිරීම පිළිබඳව ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk එම ප්‍රදේශයේ ජනතාවට​ සිය​ ස්තූතිය පුද කළාය.

අද අලුයම 1 සිට ජනවාරි මස 22 දක්වා තවදුරටත් සමහර කොරෝනා නීති සීමාවන් කිහිපයක් ග්‍රේටර් බ්‍රිස්බේන් වලට අයත් Brisbane, Ipswich, Logan, Moreton Bay සහ Redlands යන​ ප්‍රදේශවල පවතිනු ඇත.

මේ ප්‍රදේශවල ජනතාව බොහෝ ගෘහස්ථ ස්ථානවල​ මුහුණු ආවරණ පැළඳීමට අනිවාර්‍ය වේ. ඒවා අතර​ සාප්පු මධ්‍යස්ථාන, සුපිරි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල් සහ ගෘහස්ථ වෙළඳපොලවල්, රෝහල්, වයස්ගත සත්කාරක පහසුකම්, පූජනීය ස්ථාන, පුස්තකාල, ගෘහස්ථ විනෝදාත්මක පහසුකම්, සිනමා ශාලා, කලාගාර, ජිම්, පොදු ප්‍රවාහන, කුලී රථ වාහන ඇතුළත් වේ.

“ඔබට සමාජමය වශයෙන් දුරස් විය නොහැකි” ගෘහස්ථ රැකියා ස්ථානවල සේවය කරන පුද්ගලයින් මුහුණු ආවරණ පැළඳිය යුතු බව Palaszczuk පැවසීය.

තවද, ගෘහස්ථ ආගන්තුක සත්කාරක ස්ථානවල​ වර්ග මීටර හතරකට එක් පුද්ගලයකුට ආහාර ගැනීම සඳහා අසුන් ගැනීමට හැකි වේ. කුඩා ආපනශාලා සඳහා උපරිම පුද්ගලයින් ගණන 50 දක්වා සීමා කර ඇත​. එළිමහන් ස්ථාන වල වර්ග මීටර දෙකකට එක් පුද්ගලයෙකු රැඳී සිටිය හැකි වේ.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »