
පතල් කර්මාන්තය ආශ්‍රිත කොටස් අගය ඉදිරි සතියේදී වැඩිවෙනු ඇතැයි මත පළ වෙනවා.
ලිතියම් හා නිකල් ව්‍යාපාරවලට ගැටලු මතුව තිබුණේ ඉල්ලුම අඩුවීම හේතුවෙන්.
එහෙත් නැවත පතල් කර්මාන්තය ආශ්‍රිත කොටස් මිල වැඩිවුණා.

ඒ ඉල්ලුම මදක් වැඩිවීම නිසා බවයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
ඔස්ට්‍රේලියා නිකල් හා ලිතියම් කර්මාන්තයට අභියෝග මතුව ඇත්තේ ජාත්‍යන්තර වෙළඳපොලෙන්.

ඉන්දුනීසියාව අඩු මිලකට අමු ද්‍රව්‍ය සපයන අතර චීන නිෂ්පාදන ද පවතිනවා.
ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන වියදම අධික වීමද බලපා ඇති බවයි සඳහන්.
එහෙත් පවතින තත්වය යටතේ ඉදිරියේදී නැවත නිකල් සහ ලිතියම් කර්මාන්තය ශක්තිමත් වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.