ක්වින්ස්ලන්ඩ් නිවාස සහ ව්‍යාපාර 50000 අඳුරේ

කිරිළි සුළි කුණාටුවේ බලපෑමෙන් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස සහ ව්‍යාපාර 50000කට පමණ තවදුරටත් විදුලිය විසන්ධි වී තිබෙනවා.

පැයටකිලෝ මීටර්  170ක වේගයෙන් පැමිණි කිරිළි සුළි කුණාටුවෙන් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට දැඩි බලපෑම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කුණාටුවේ වැඩි බලපෑමක් ටවුන්ස්විල් සහ ඒ අවට ප්‍රදේශ වලට බලපෑ අතර සහන පතා ලැබුණු ඇමතුම් සංඛ්‍යාවද ඉහළ ගොස් තිබුණා.

සුළි කුණාටු අවධානම මේ වන විට ක්‍රමයෙන් පහව ගිය ද  ටවුන්ස්විල් සහ ඒ අවට ප්‍රදේශවල ජීවත් වන පදිංචිකරුවන්ට අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ අංශ වැඩිදුරටත් දන්වා සිටින්නේ.

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජනතාව හැකිතාක් අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකී සිටින ලෙසත් වැටී ඇති විදුලි රැහැන් ඉවත්කිරීමට යෑමෙන් වලකින ලෙසත් වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. 

කෙසේ වෙතත් ක්වීන්ස්ලන්ඩ් හී උතුරු  ප්‍රදේශ වලට ඉදිරි දින කිහිපය තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව ද සඳහන්.

 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »