“ශ්‍රී ලංකන් ක්‍රිකට් කානිවල් 2024” ශූරයන් වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලීය කණ්ඩායම

ඔස්ට්‍රේලියාවේ  මෙල්බන් නුවර පැවැත්වූ  “ශ්‍රී ලංකන් ක්‍රිකට් කානිවල් 2024” තරගාවලියේ පිරිමි කාණ්ඩයේ ජය වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලීය කණ්ඩායම හිමිකර ගැනීමට සමත්වුණා.

ඒ අනුව පිරිමි අංශයේ අනුශූරතාව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය හිමිකරගත්තා.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විශාලතම ලාංකීය ක්‍රිකට් තරගාවලිය කලුතර විද්‍යාලයේ ඔස්ට්‍රේලියා ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවනු ලැබුවා.

තරගාවලිය පැවැත්වුණේ  Narre Warren Sweeney Reserve ක්‍රීඩාංගණයේදීයි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිරිමි පාසල් 32 ක ආදි සිසු කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බාලිකා පාසල් 04 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 288 දෙනෙකු මේ සදහා සහභාගි වූණා.

මේ අතර කාන්තා තරගාවලියේ ජය මියුසියස් කණ්ඩායම හිමිකරගත්තා.

තරගාවලිය මෙවර සංවිධාන වුනේ 3 වන වරට වන අතර පළමු තරගාවලීයේද ශූරතාව වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය හිමිකරගැනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකන් ක්‍රිකට් කානිවල් 2024 සඳහා මාධ්‍ය අනුග්‍රහය AusLanka TV / AusLanka Radio මාධ්‍ය ජාලයෙනි.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »