විශිෂ්ට ඕස්ට්‍රේලියානුවන් ඇගයීමක්

2024 වසරේ Australians of the year එනම් විශිෂ්ට ඕස්ට්‍රේලියානුවන් ඇගයීමක් පසුගියදා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

කාණ්ඩ හතරක් ඔස්සේ මෙම සම්මාන උළෙල පැවැත්වූ අතර් නම් වසරේ Australians of the year සම්මානය මහාචාර්‍ය Georgiana Long සහ මහාචාර්‍ය Richard Scolyer විසින් හිමිකර ගත්තා.

එම දෙපල මෙලනෝමා ප්‍රතිකාර පර්යේෂණවල පුරෝගාමීන් වූ අතර හිරු කිරණවලින් ආරක්ෂාවීම සහ සමේ පිළිකා වැළැක්වීම සඳහා වන පර්යේෂණ වල නියැළෙන ක්‍රියාකාරීන් දෙදෙනෙක්.

වසරේ ජේෂ්ඨතම ඔස්ට්‍රේලියානු සම්මානය Yalmay Yunupinu හිමිකරගත් අතර ඇය ද්විභාෂා ඉගැන්වීම් ක්‍රමවේධයක් වැඩිදියුණු කිරීම අතින් වඩාත් ප්‍රචලිත වුණා.

මේ අතර තරුණ ඔස්ට්‍රේලියානුවා සම්මානය කා අතරත් වැඩි කතාබහට ලක්වූ අතර එම සම්මානය 29 හැවිරිද Emma Mackeon හිමිකරගැනීමට සමත්වුණා.

2020 Tokyo හි පැවති ඔලිම්පික් උළෙලේදී පිහිනුම් ඉසව්වලින් පදක්කම් 7ක් දිනාගැනීමට ඇය සමත් වුණා.

ඔස්ට්‍රේලියාවේ දේශීය විරුවා නොහොත් Australia’s Local Hero සම්මානය David Elliot හිමිකරගත්තා.
ඒ ඔහු ජීවත්වන ප්‍රදේශයේ ජනතාවට සිදුකරන සේවය ඇගයීමක් ලෙසයි.

1999 වසරේ දී ඔහු තමාගේ කුවීන්ස්ලන්ඩ් ගොවිපොළේදී ඩයිනෝසිරස් ෆොසිලයක් සොයාගැනීමට සමත් වීමත් ඒ පිළිබද පසුකාලීනව විවිද සොයාගැනීම් සිදු කිරීමට ඔහු විසින් සිදුකර තිබුණා.

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »