වසර 30ක් පැරණි විස්කි බෝතලයක් ඩොලර් මිලියන 2.8ක මුදලකට මිලදී ගැනීමෙන් ඇමරිකානු ව්‍යාපාරිකයෙක් නවතම වාර්තාවක් තබා තිබෙනවා.
ඇමරිකානු කෝටිපති ව්‍යාපාරික මයික් ඩේලි , අයිරිෂ් විස්කි සමාගම විසින් සංවිධානය කරන ලද වෙන්දේසියකදී මෙලෙස අයර්ලන්ත විස්කි වර්ගයක් වන Emerald Isle බෝතලය මිලදීගෙන තිබුණා.
ඒ අනුව පසුගිය වසරේ ලන්ඩන් වෙන්දේසියකදී 1926 වසරේ නිශ්පාදිත The Macallan වික්සි බෝතලය ඩොලර් මිලියන 2.7 ක මිලදී ගැනිමින් පිහිටුවනු ලැබූ ලෝක වාර්තාව අභිබවා ගියා.
විනෝදාංශයක් ලෙස මයික් ඩේලි මත්පැන් බෝතල් එකතු කරන්නෙකු වන අතර දේශීය මෙන්ම විදේශිය උසස් සන්නාමයෙන් යුතු මත්පැන් බෝතල් එකතුවක් ඔහු සතු වනවා.
අයිරිෂ් විස්කි සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජේ බ්‍රැඩ්ලි පැවසුවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම විස්කි වර්ගය මෙය බවයි.