
පැය 3කට වැඩි කාලයක් අයිස් කුටියක් මත සිටිමින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට පෝලන්ත ජාතික කාන්තාවක් සමත්ව තිබෙනවා.
ඇගේ ගෙල දක්වා අයිස් පුරවා තිබූ පෙට්ටියක් තුළ පැය 3යි මිනිත්තු 6යි තත්පර 45ක කාලයක් රැදී සිටිමින් මෙම වාර්තාව තබා ඇති බව සඳහන්.
48 හැවරිදි Katarzyna Jakubowska දීර්ඝතම කාලයක් පූර්ණ ශරීරයම අයිස් කුටියක් මත තබාගත් පළමු කාන්තාව ලෙස වාර්තා අතරට එක්වෙනවා.

කාන්තාවක් මෙම වාර්තාව පිහිටු ප්‍රථම අවස්ථාව මෙය වන අතර එම වාර්තාව පැය 3 යි මිනිත්තු 11 යි තත්පර 27 ලෙස මීට පෙර පිරිමි පුද්ගලයෙකු විසින් තබා තිබුණා.
නව වාර්තා පිහිටුවේමෙන් අනතුරුව Katarzyna Jakubowska මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ කාන්තාවන්ට ද පිරිමින්ට මෙන් විශාල ශක්තියක් ඇති බව විශ්වාස කරන බවයි.
