
ඔස්ට්‍රේලියාවේ ආහාර ද්‍රව්‍ය සැපයුම් ක්‍රියාවලිය අවිධිමත් බවට ගොවීන් චෝදනා කරනවා.
ඔවුන් කියා සිටින්නේ සුපිරි වෙළඳ සැල් වලට වැඩි බලයක් ලැබෙන ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක බවයි.
ඒ නිසා ඔස්ට්‍රේලියන් කම්පිටිෂන් ඇන්ඩ් කන්සියුමර් කමිෂන් හි පරීක්ෂණවලදී ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

සුපිරි වෙළඳ සල් ජාලය පිළිබඳ වසරක අධ්‍යයනයක් සිදුකිරීමට කොමිසම වෙත අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් උපදෙස් දී තිබෙනවා.
එය වැදගත් ක්‍රියාවක් බවයි නැෂනල් ෆාමර්ස් ෆෙඩරේෂන් පෙන්වා දෙන්නේ.

පරීක්ෂණ සඳහා පූර්ණ සහාය පළ කරන බවද මිල ක්‍රමය ඉක්මවා වෙනත් සාධක පිළිබඳවද පරීක්ෂා කළ යුතු බවද ෆාමර්ස් ෆෙඩරේෂන්හි අදහසයි.